ඉන්දියාව යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගනියි

අයි.සී.සී යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් විය.

ඒ, එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි.

මෙම තරගයේ,  කාසියේ වාසිය හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන් පන්දුවාර 44 යි පන්දු 5කදී සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 189 ක් පමණි.

ලකුණු 190ක ඉලක්කයක් ඇතිව පිටියට පිවිසී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4කදී කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කරමින් ලෝක කුසලානය හිමිකර ගත්තේය.

තරගයේ වීරයා සම්මානය ඉන්දියානු කණ්ඩායමේ රාජ් බාවා ට හිමිවිය.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම ටොම් පර්ස්ට් විසින් මෙහෙය වු අතර යෂ් දුල් ඉන්දීය 19න් පහළ කණ්ඩායම මෙහෙයවීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *