ඉන්ධන ලබා දීම සඳහා ලබාදුන් ඩොලර් මිලියන 500ට ණය පහසුකම ඉහල නංවා දෙන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී ඇත.
ඒ අනුව ඉන්ධන මිළ දී ගැනීම සඳහා ලබා දීමට එකඟතාවය පළ කළ ඩොලර් මිලියන 500ක ණය පහසුකම ඩොලර් මිලියන 750 ක් දක්වා ඉහළ දමා තිබේ.
මේ වන විට එම කටයුතුවලට අවශ්‍ය කටයුතු අවසන් කරමින් පවතින බවද වාර්තාවේ.
මෙම ඉල්ලීම කර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දීය විදේශ අමාත්‍ය මහතා කොළඹදී හමුවූ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 500 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.