ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කර ඇති අතර , ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියදී , ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
46 හැවිරිදි මෙම පුද්ගලයා රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මොහු රත්නපුර , කුරුවිට ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 50 ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීම , මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කිරීම සහ මිරිහාන ප්‍රදේශයේ දී ජීව අත් බෝම්බයක් ළග තබා ගැනීම සහ මිනීමැරුම් කීපයක් සිදු කර සිටියදී , මෙරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අවිස්සාවේල්ල , ගල්කිස්ස රත්නපුර සහ තවත් අධිකරණ ක්‍රියාමාර්ග සදහා යොමු කර තිබුණි .
එහිදී මොහු එම අධිකරණ මග හැර බෝට්ටුක නැගී ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ඉන්දීය ආරක්ෂක අංශ විසින් ගමන් බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වී සිටීම නිසා , මොහු යළිත් මෙරටට පිටුවහල් කිරීමට ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබුණි .