ඉන්දියාවෙන් ණයට ගෑස් ලබාගැනීමට සැරසෙයි.

මෙරට පවතින උග්‍ර ගෑස් හිගය හේතුවෙන් ඉන්දියාවෙන් ගෑස් ආනයනය කිරීමට රජය සූදානම් වේ.

වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරන්නේ තමන් මේ සම්බන්ධයෙන් ලිත්‍රො ගෑස් සමාගමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් කළ බවයි.

තමන්ට අඛණ්ඩව ගෑස් ලැබුණහොත් වෙළඳපොලේ ඉල්ලුම සපුරාලිය හැකි බවද ලිට්රෝ සමාගම පැවසූ බව ඔහු පැවසීය.

ඒ අනුව දැනට ඇති හොඳම විකල්පය ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් මිලියන 160ක පමණ ගෑස් ආනයනය කිරීම බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත් ලිත්‍රො සමාගම සඳහන් කර තිබුණේ මෙම ගෑස් හිගය තවත් මාස එකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *