ඉඩම් ප්‍රතිපත්ති පනත අලුතින් කෙටුම්පත් කරයි

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තු පනත කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2010-05-20 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමත්, එහි කාර්යයන් / වගකීම නිශ්චිත කිරීමත් සිදු කරනු ලැබ ඇත.

ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩාත් ඵලදායීව ක්‍රියාවට නැංවීම සඳහා නෛතික පසුබිමක් සැකසීම පිණිස පාර්ලිමේන්තු පනතක් මඟින් එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා බලතල නිශ්චය කිරීම යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඒ සඳහා විධිවිධාන ඇතුළත්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *