ඉඩම්ගොඩ කිරීමේ හිටපු නි.සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල මහතා (17) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව කියයි.

2014 වසරේ කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එමඋත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276 ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කිරීමෙන් “දූෂණය” නැමැති වරද සිදුකිරීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශ ලබා ගැනීම සඳහා එම කොමිෂන් සභාව වෙතට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුවය.මෙම චෝදනාව මත ඉකුත් 5 වෙනිදින  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරිවරිය ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධිර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරතිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *