ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් ප්‍රතික්ෂේප වෙයි

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව  යටතේ මාස හයක  සිර දඬුවම් නියම වූ  ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු දෙදෙනාට ඇප නියම කරන ලෙස ඉදිරිපත් කළ අභියාචනය දෙවන වරටත් ප්‍රතික්ෂේප කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා  නියෝග කළේය.

එකතු කළ අගය මත බදු පනතේ වගන්ති ප්‍රකාරව අභියාචන අයිතියක් වගඋත්තරකරුවන්ට නොමැති වුවද ,අභියාචනය ඉදිරිපත් කළ පළමු අවස්ථාවේම අදාල අභියාචනයක් බාරගෙන එය මහාධිකරණයට යොමු කර ඇති බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *