ඇල්ල- වැල්ලවාය පාර වහයි

ඇල්ල වැල්ලවාය මාර්ගයට  කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් ඊයේ(18)  රාත්‍රි  8.00  සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්ගය තාවකාලිකව වසා තැබීමට පියවර ගත් බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව මහජනතාවගේ ආරක්ෂාව උදෙසා මෙලෙස රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමට පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම මාර්ගය භාවිතා කිරීම සදහා  නිර්දේශ කිහිපයක් ලබා දී තිබෙන අතර තදවැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව දිවා කාලයේ වුවද වසා දැමීමට පියවර ගන්නා බවත් අනෙකුත් අවස්ථාවලදීද අනතුරු ඇඟවීමට මාර්ගය සංඥා කරුවන් යොදවා රථවාහන ධාවනය කිරීමට සලස්වන බවද රාත්‍රී කාලයේදී විදුලි පහන් සවිකර අනතුරුදායක ස්ථාන ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ කර තිබේ.

මෙම මාර්ගය වසා දමා ඇති විට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවාය මාර්ගය භාවිතා  කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා පොලිසිය රියදුරන්ට දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *