ඇල්පිටිය ප්රාදේශීය සභාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන කණ්ඩායම ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ශ්රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායම මේ අවස්ථාවට සහභාගීවූහ. කණ්ඩායම් නායක හිටපු සභාපති නලින් ප්රියදර්ශන මහතා ඇතුළු හිටපු මන්ත්රිවරු හතර දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුලත්වේ.
ඇල්පිටිය ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතා මෙවර ඉදිරිපත් නොවීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.