ගෙල කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී ඊයේ(09) සොයා ගැණුනි.
ඇගේ මස්සිනා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
එසේ ඝාතනය කර තිබුණේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නමැති තරුණියකි.
ඇගේ සහෝදරිය ඇල්පිටිය මන්නකන්ද ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඇගේ දරු දෙදෙනා බලාගැනීම සඳහා මාස එකහමාරකට පෙර හංසිකා ඒ නිවස වෙත ගොස් තිබුණි.
ඒ අතරතුර සහෝදරියගේ සැමියා සමග ඇය සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බව සඳහන් ය.
හංසිකාගේ පියා පවසන්නේ, පසුගිය පෙබරවාරි 23 වැනිදා නිවසට පැමිණි සිය බෑනා සිය බාල දියණිය බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
“23 ඇවිත් බලෙන් අරන් ගියා. අපි ගහලා අරගෙන ආවා.”
පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා ඇය පසුගිය දිනක යළිත් රැගෙන ගොස් තිබේ.
ඒ අතරවාරයේ හංසිකා දුරකථන ඇමතුමක් ලබාදී මවට පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසය.
හංසිකාගේ පියා – “ආපසු ඇවිත් එයාව අරන් ගිහින්. හැමතැනම හෙව්වා හම්බවුණේ නැහැ. 5 වැනිදා එයාම කිව්වාම තමයි අපි දන්නේ.”
ප්‍රශ්නය – එතකොට හිරකරගෙන වගේද ඉඳලා තියෙන්නේ?
හංසිකාගේ පියා – “කොහෙවත් යන්න දීලා නැහැ. කේක් කඩේක වැඩකරලා තියෙනවා. ඒ අතර තමයි කෝල්කරලා තිබුණේ. අම්මා ගිහින් 5 වැනිදා රෑ අරන් ආවා. 6 වැනිදා පොලිසියට පැමිණිලි කළා”
පැමිණිල්ල විභාග කිරීමට පොලිසියෙන් කළ දැනුම්දීමට අනුව හංසිකා මව සහ සහෝදරියක් සමග ත්‍රි රෝද රථයකින් ඇල්පිටිය පොලීසිය වෙත යමින් සිට ඇත්තේ, ඊයේ උදෑසනය.
එහිදී තවත් දෙදෙනෙකු සමග පැමිණි මස්සිනා ඇයව ත්‍රිරෝද රථයෙන් බලහත්කාරයෙන් බස්සවාගෙන තවත් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් තිබේ.
ඒ් පිළිබඳව හංසිකාගේ මව්පියන් ඇල්පිටිය පොලීසියට යළි පැමිණිලි කර තිබුණි.
නමුත් පැමිණිල්ල විභාග කිරීමටත් පෙර කරන්දෙණිය තල්ගහවත්ත ගඟපාර ප්‍රදේශයේ තේ වත්තකදී අද උදෑසන ඇගේ සිරුර දැක තිබුණේ ගම්වාසියෙකු විසිනි.
මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයකින් ගෙල කපා වෙනත් ස්ථානයකදී ඇයව ඝාතනය කර ඇගේ නිසල සිරුර තේ වත්තට ගෙනැවිත් දමා ඇති බවය.
ඇයව පැහැරගෙන ගිය මස්සිනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මකය.