ඇමසන් සමාගම කැනඩාවේ සේවකයින් 1,700ක් දොට්ට

ඔන්ලයින් සිල්ලර වෙළඳ දැවැන්තයා වන ඇමසන් සමාගම කැනඩාවේ කියුබෙක් හි සියලුම ගබඩා වසා දැමීමට තීරණය කර ඇති බව සමාගමේ ප්‍රකාශකයෙකු  තහවුරු කළ බව කැනේඩියානු මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අනුව ඉදිරි මාස දෙක තුළ කියුබෙක් ‍ජාලයට අයත් මෙහෙයුම් මධ්‍යස්ථාන 14 ක් වසා දමන අතර ඇමසන් සමාගමේ ප්‍රකාශිකා බාබරා අග්‍රෙයිට් පවසන්නේ එය සමාගමේ වියදම් කපාහැරීම සමග ගත් වැදගත් තීන්දුවක් බවයි.

වෘත්තීය සමිති ප්‍රශ්නයක් නිසා මෙය සිදු කළ බවට චෝදනා ඇය ප්‍රතික්ෂේප කර තිබේ. මෙම වසා දැමීම හේතුවෙන් කියුබෙක් හි ස්ථිර සේවකයින් 1,700ක් සහ තාවකාලික-කාලීන සේවකයින් 250ක් බලපෑමට ලක් වනු ඇත. අග්‍රෙයිට් සඳහන් කළේ බලපෑමට ලක්වන සේවකයින්ට  පසු සති 14ක වැටුප් ලබාදෙන බව සඳහන් කර ඇත.

ඇමසන් සමාගම පවසන්නේ කුඩා දේශීය ව්‍යාපාර මගින් සහාය ලබා දෙන තෙවන පාර්ශ්ව ආකෘතියට නැවත යෑමට සැලසුම් කරන බවයි. අගමැති ෆ්‍රැන්සුවා ලෙගෝල්ට්ගෙන් කැනේඩියානු මාධළ්‍ය මෙම තීරණය ගැන විමසූ විට ඔහු පැවසුවේ මෙය කනගාටුදායක තීරණයක් වුවද, පෞද්ගලික සමාගමක් එවැනි තීරණයක් ගන්නා විට ඔහුට කළ හැකි දේ සීමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *