ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන දෙවැනි සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසීහි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ මෙලෙස සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි ගියේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුවයි. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ.
එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
වත්මන් ආර්ථික ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින්, වෙළෙඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව අවස්ථා සොයා බැලීම හා ශ්‍රී ලංකාවට හිතකර ප්‍රතිඵල ලබා ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබේ.