ඇමරිකා තානාපතිනිය උතුරේ හමුදා ලොක්කන් හමුවට…

රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඇතුලු නියෝජිත පරිසක් යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් හමු වූවාය.

ඇමරිකානු තානාපතිනිය ඇතුලු පිරිස පළමුව යාපනය පලාලි යුදහමුදා ආරක්ෂක සේනා මූළස්ථානයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා මහතා ඇතුලු ජ්‍යේෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් හමු වී සාකච්ඡාවක නිරත විය.

එහිදී ආරක්ෂක අංශ විසින් යුද්දයෙන් පසුව යාපනය දිස්ත්‍රීක්කය තුල නැවත පදිංචි වූ ජනතාව වෙනුවෙන් සිදුකෙරන සංවර්ධන, සුභසාධන ඇතුලු වැඩසටහන් පිළිබඳව සැකච්ඡා කෙරුනු අතරම සිවිල් ජනතාව සමග ආරක්ෂක අංශ සංහිදියාව වැඩිදියුණු කරන ආකාරයද සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමරිකානු තානාපතිනය විසින් යුදහමුදා ක්‍රියාකාරකම් වෙනුවෙන් ප්‍රශංශා කරන ලදි.

අනතුරුව ඇමරිකානු තානාපතිනය යාපනයේ පිහිටි පෞද්ගලික හොටලයකදී යාපනයේ සිටින සිවිල් සංවිධාන නායකයින් කිහිප දෙනෙකු හමු වී ඔවුන් සමග සාමාන්‍ය ජනතාවගේ ගැටලු හා ක්‍රියාකාරකම් මෙන්ම යාපනය දිස්ත්‍රීක්කයේ වත්මන් වාතාවරනය පිළිබඳව සාකච්ඡා කොට ඇමරිකානු දූත පිරිස අවබෝධයක් ලබා ගන්නා ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *