ආණ්ඩුව බලයට පත්වී මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොළඹ ඇමැති බංගලා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ.
මේ අතර මෙම ඇමැති බංගලා බොහොමයක් කැලෑ වැදී විනාශ වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා ගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ ඇමති බංගලා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි.
ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ ආයතන සහ පුද්ගලයන් රැසක් දැනටමත් ඉදිරිපත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
තානාපති කාර්යාල විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවිධ අමාත්‍යාංශ ඇමැති බංගලා කුලියට ගැනීමට ඉදිරිපත්ව සිටින ආයතන වේ.
කොළඹ පවතින ඇමැති බංගලා සංඛ්‍යාව තිස්පහකි.
මේ සෑම ඇමති බංගලාවක්ම ලොකු භූමි භාගයක පිහිටා ඇති හෙයින් මේවා නඩත්තු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.