ආර්ථික පරිවර්තන පනතට උදව් දෙන තව පනත් දෙකක් සංශෝධනයට

2018 අංක 2 දරණ ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත සහ  2018 අංක 3 දරණ ආරක්ෂණ පියවර පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සකස් කිරීමේදී අදාල පනත් දෙක සඳහා අනුෂාංගික සංශෝධන හඳුන්වාදීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇතැයි රජය කියයි.

ඒ සඳහා වන පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර එකී පනත් කෙටුම්පත් සඳහා නීතිපති අවසරය ලබාදී තිබේ.

ඒ අනුව අදාල සංශෝධිත පනත් කෙටුම්පත් දෙක රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *