ශ්‍රී ලංකා පොලිසිය විසින් නිකුත් කළ බව කියන “පරිස්සමෙන්, ආර්ථික අර්බුදයක්” යන මැයෙන් සමාජ මාධ්‍ය ජාලා තුළ කරුණු 22ක් සමඟින් සංසරණය වන පණිවිඩයක් අසත්‍ය බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය අවධාරනය කරන්නේ එවැනි පණිවිඩයක් පොලීසිය විසින් කිසිදු මාධ්‍ය ආයතනයකට නිකුත් කර නොමැති බවත් එවැනි ව්‍යාජ පණිවිඩ මගින් පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්වන බවත්ය.
පොලිස් දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාව සඳහා කිසියම් සන්නිවේදනයක් හෝ පණිවිඩයක් නිකුත් කිරීමට අදහස් කරන්නේ නම්, එය නිල මාධ්‍ය නිවේදනයක් මගින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් නිකුත් කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙවැනි අසත්‍ය පණිවිඩ පිළිබඳව විමසිලිමත් වන ලෙසත්, මෙම අසත්‍ය පණිවිඩ නිර්මාණය කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.