වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය .
බියගම ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රුවන් විජයවර්ධන මහතා එසේ පැවසීය.
එක්සත් ලක් වනිතා සංවිධානය , ස්ත්‍රී ශ්‍රමික අයිතිවාසිකම් පෙරමුණ හා ලක්බිමේ මවිිවරු සංවිධාන සාමාජිකාවන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අපේ රටට පනවා ඇති 44% ක තීරු බදුවලට විරෝධය දක්වමින් රටේ කාන්තාවන්ගෙන් අත්සන් ලක්ෂයක් ලබාගැනීමේ පෙත්සමකටද මෙහිදී අත්සන් තැබිණි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එ.ජා. ප. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා , මෙවර කම්කරු දිනය වෙනුවෙන් අපේ පක්ෂය කම්කරුවා වෙනුවෙන් ඉතා ධනාත්මක වැඩසටහනකට දායකත්වය ලබා දෙනවා .
අපි දන්නවා ඇමරිකාව අපේ රටට 44 % ඉහළම තීරු බද්දක් පනවා තිබෙනවා. ඒ අපේ රටෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කරන භාණ්ඩ සදහායි.
ඔවුන් අපට මාස තුනක යම් සහනයක් මේ සදහා ලබාදී තිබුණත් මාස තුනෙන් පස්සේ මොනවගේ බලපෑමක් රටට අත්වෙයිද කියා හිතාගන්නවත් බැහැ .
විශේෂයෙන්ම ඇගළුම් කර්මාන්තය ,තේ ,කුරුදු , රබර් , මැණික් ,කර්මාන්වලට විශාල බලපෑමක් මේ නිසා ඇතිවෙනවා.