ආනයන නීති උල්ලංඝනය කරමින් මෙරටට ආනයනය කළ වාහන 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ ගාල්කර ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවත් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම වාහන අතර ජපානයෙන් ආනයනය කළ වාහන වැඩි සංඛ්‍යාවක් ඇති බවත් පසුගිය පෙබරවාරි මස වාහන ආනයනයට අවසර දුන් අවස්ථාවේදී පැනවූ කොන්දේසි උල්ලංඝනය කරමින් ආනයන කළ වාහන වැඩි සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවත් එම නිලධාරියා කීය.
මෙම වාහන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තී්රණයක් ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.