එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ එළවළු ආනයනය කරන්නේ නම් කැරට්, බෝංචි, ලීක්ස් වැනි එළවළු කිලෝවක් රුපියල් 300 සිට 350 දක්වා මිලකට ලබාදිය හැකි බවයි.
“ආහාර ප්‍රතිපත්ති කමිටුව කැඳවන ලෙස මම ජනාධිපති ලේකම්වරයාට දන්වා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවලින් අඩු මිලට එළවළු ලබාදිය හැකිද යන්න විමසා සිටියා. මාසයක් හෝ මාස එකහමාරක් ඇතුළත එළවළු මිල අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුවේදී ඔවුන් එකඟ වී තිබෙනවා. එළවලු පිටරටින් ගෙනාවා නම් ලීක්ස්, කැරට්, බෝංචි කිලෝවක් රුපියල් 300 ත් 350 ත් අතර මිලකට ලබා දෙන්න පුළුවන්.
වැට් බදු ඇතුළු බදු ඉහළ දැමීම හේතුවෙන් ආනයනික බිත්තරයක මිල අද සිට රුපියල් 8කින් ඉහළ දැමූ බව ඔහු ඊයේ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය. ආනයනික බිත්තරයක් මීට පෙර රුපියල් 35කට අලෙවි වූ අතර නව මිල යටතේ සියලුම සතොස අලෙවිසැල්වල රුපියල් 43කට අලෙවි කරන බව ඔහු සඳහන් කළේය.
වැට් බදු ඉහළ දැමීමෙන් පසු නව ටෙන්ඩර් යටතේ රාජ්‍ය වෙළෙඳ සංස්ථාව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කළ බවත් වැට් බදු වැඩිවීම, අනෙකුත් බදු වැඩිවීම් සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමඟ බිත්තර මිල රුපියල් 8කින් ඉහළ දැමූ බව ඇමැතිවරයා කීය.
“දේශීය බිත්තර නිෂ්පාදනයෙන් බිත්තර සඳහා ඇති ඉල්ලුම සපුරාලීමට අපට හැකිද යන්න අපි සති දෙකක් තිස්සේ නිරීක්ෂණය කළෙමු. කෙසේ වෙතත්, ආනයනික බිත්තර සැපයුම නැවැත්වීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් රුපියල් 52 සිට 55 දක්වා ඉහළ ගොස් ඇති බව අපට නිරීක්ෂණය විය. එබැවින් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා නව ටෙන්ඩර් යටතේ බිත්තර ආනයනය කිරීමට රාජ්‍ය වෙළඳ සංස්ථාව තීරණය කළා. .
දේශීය සැපයුම්කරුවන්ට රුපියල් 43 ට බිත්තර සැපයීමට හැකි වුවහොත් ගැටළුව විසඳන බව අමාත්‍යවරයා පැවසීය.