අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාවට බලශක්තිය සැපයීම, අඩු පිරිවැයකින් ඒකකයකට අඩු මුදලක් අය කිරීම සෑම රජයකම වගකීම බව කී විපක්ෂ නායකවරයා අඩු මුදලකින් විදුලිය නිෂ්පාදනය කළ හැකි හොඳම ක්‍රමවේදය පුනර්ජනනීය බලශක්තිය බව සඳහන් කළේය.
ජල විදුලි, සුළං හා සූර්ය බලයෙන් විදුලි නිපදවීමේ දී අඩු පිරිවැයක් වැය වන බවත් මෙම අඩු පිරිවැයකින් නිපදවන විදුලිය විදුලි පාරිභෝගිකයන්ට අඩු මුදලකට ලබා දිය හැකි බවත් කී ප්‍රේමදාස මහතා වැඩි මිලකට නිපදවන බලශක්තිය ලෙස ගල් අගුරු බලාගාර, ඩීසල් බලාගාර, තාප බලාගාර හැඳින්විය හැකි බව සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මීගමුව ආසනයේ පෙරියමුල්ල කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරිම සදහා පැවැති ජනහමුවක් අමතමිනි.