ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා වෙනස් කර නෑ

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික  වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  ඉදිරිපත් කළ කොන්දේසි මාලාව ඇලපිල්ලමක්වත් වෙනස් නොකර ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය එකඟවීමෙන් ඒ කාරණය බව තහවුරු වන බව ද පතිරණ මහතා කීය.

ජනාධිපතිවරණයට පෙර කී ⁣දේවල් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඉතාම කෙටි කාලයකදී  පරාජයේ අළු මතින් නැඟී සිටින බවද  මෙවර මහ මැතිවරණයේදී ජනාධිපතිවරණයේදී ගත්  ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා බවද හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *