ආණ්ඩුවේ ලොකු ගැටුමක් ඇති බව ඇමති ගම්මන්පිල හෙළි කරයි

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ආණ්ඩුව තුළ විශාල ගැටුමක් පවතින බවට අමාත්‍ය උදය ගම්මන්පිල ඉඟි පළ කර තිබෙනවා.

විධායක ජනාධිපතිවරයෙකුට කළ හැක්කේ පාර්ලිමේන්තුවේ සහයෝගය නොමැති විට පමණක් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

අද දෙරණට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන පාලනයට පාර්ලිමේන්තු බලතල නොතිබූ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් රට පාලනය කළ ආකාරයේ තත්ත්වයක් වත්මන් පාලනය තුළ මතුව ඇති බවයි.

“අපිට මතකයි එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඇතැම් ප්‍රතිපත්තිවලට විරුද්ධව කතා කළේ තමන් දැක්කේ පුවත්පත්වලින් බවත් ඊට විරුද්ධ බවත් කියමින්. මම හිතන්නේ දැන් ඒ හා සමාන තත්ත්වයක් ඇතිවෙලා.” ඇමැතිවරයා වැඩි විස්තර නොකියා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *