ආණ්ඩුව නියෝජනය කරන මැතිවරුන් පිරිසක් රට හැර යාමේ සූදානමක සිටින බව වාර්තා වෙයි.
විවිධ හේතුන් මත මෙසේ රටින් රට හැර යන පිරිස අතර දේශපාලනය ගැන කළකිරුනු කිහිප දෙනෙකු ද සිටින බව සදහන්ය.
රජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාස 3ක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින්නේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ නිවාඩු අනුමත කිරීමෙන් පසුවයි.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව කලකිරී මේ වන විට විදේශ ගතව සිටී.
මේ අතර තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින තවත් මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත් වී විදේශගත වන බවට තමන් හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර තිබේ.