ආගමන දෙපාර්තමේන්තුව සේවා කිහිපයක් සීමා කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අද (05) දිනයේ සේවා කිහිපයක් අත්හිටුවන බව නිවේදනය කර ඇත.

එක්දින සහ සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් භාර නොගන්නා බව දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු සේවාවන් දහවල් 12.30ට සීමා කෙරෙන බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ශාඛා කාර්යාලවල හදිසි පරිගණක පද්ධති නඩත්තුවක් හේතුවෙන් සේවා සීමා කර ඇත.

කෙසේ වෙතත්, මෙමගින් මහජනතාවට සිදු විය හැකි අපහසුතාවයක් සම්බන්ධයෙන් සමාව අයදින අතර, කෙසේ වෙතත්, ගුවන් තොටුපළ ආශ්‍රිත කටයුතු කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *