අ.පො.ස. සා.පෙළ ප්‍රතිඵල ප්‍රතිඵල මහනුවර ප්‍රථම ස්ථානයට, යාපනය දෙවන ස්ථානය

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමාධි අනුරාධා රණවක සිසුවිය 2023 වසරේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත් වූ අතර දෙවන ස්ථානය යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ අක්ෂේයා ආනන්ද ස්වානන්ද හිමිකරගෙන ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සඳු අලහකෝන් තෙවැනි ස්ථානය ලබා ගත්තේය.

සිසුන් 13,588 දෙනෙකු විෂයයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ප්‍රතිඵල මත සිසුන්ගෙන් 72.02%ක් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇත.

විභාග දෙපාර්තමේන්තුව විසින් බ්‍රහස්පතින්දා (නොවැ. 30) රාත්‍රියේ විභාග ප්‍රතිඵල නිකුත් කරන ලද අතර එහි නිල වෙබ් අඩවිය වන www.doenets.lk / www.results.exams.gov.lk ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම්පත් දෙසැම්බර් 14 සිට 18 දක්වා භාරගනු ලැබේ. මෙම වසරේ මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 3,568කදී විභාගය පැවැත්වුණු අතර, අයදුම්කරුවන් 472,553ක් විභාගයට පෙනී සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *