‘අස්වැසුම’ නැවත අයදුම්පත් කැඳවයි

අස්වැසුම සුබ සාධයන වැඩසටහනේ ප්‍රතිලාභ බලාපොරොත්තු වන පවුල්වලින් මේ මස 15 වැනිදා සිට නැවත අයදුම්පත් කැඳවන බවත් අදාල ප්‍රදේශවල ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ජනතාව දැනුවත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම මස 15 වැනිදා සිට ලබන මාර්තු මස 15 වැනිදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බව ද අමාත්‍යවරයා කීය.

‘අස්වැසුම’ වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරාගැනීම සම්බන්ධයෙන් රට තුළ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වූ අතර ඒ පිළිබඳව සහ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව අවදානය යොමු කරමින් මෙම තීරණයට එළඹ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *