අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය කළ සරසවි සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

අන්තර්ජාලයට අසභ්‍ය චිත්‍රපටයක් නිෂ්පාදනය කළ බවට සැකපිට රාජ්‍ය විශ්වවිද්‍යාලයක සිසුවියක් සහ පෞද්ගලික අංශයේ විශ්වවිද්‍යාලයක සිසුවෙකු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 ත් 29 ත් අතර වයස්වල පසුවන්නන් බවත් ඔවුන් පාසල් සිසුන් ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවත් තවත් මාස දෙකකින් විවාහය සිදුකිරීමට නියමිත බවත් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

කඩුගන්නාව ප්‍රදේශයේ ලැගුම්හලක අසභ්‍ය චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බවට ජනතාවගෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන කිහිපයක්, ලැප්ටොප් පරිගණකයක් සහ පාසල් කිහිපයක නිල ඇඳුම් සොයාගෙන ඇත.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කළේ පාසල් නිල ඇඳුමෙන් සැරසී මුදල් ඉපැයීම සඳහා මෙම අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට රූගත කළ බවයි.

වෙබ් අඩවිවල හුවමාරු වූ අසභ්‍ය දර්ශන මිලියන අටකට අධික ප්‍රේක්ෂකයින් නරඹා ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය විය.

තරුණිය රුවන්වැල්ල ප්‍රදේශයේ වන අතර තරුණයා පිළිමතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *