අවුරුදු 20ට වැඩි අයට තෙවැනි මාත්‍රාව

අවුරුදු 20ට ඉහළ විවිධ රෝගාබාධ හේතුවෙන් පීඩා ලබන සංකූලතා සහිත පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

එම එන්නත්කරණ වැඩසටහන හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

ඒ යටතේ, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ට, නිදන්ගත වකුගඩු රෝගීන් ට, ඇට මිඳුළු බද්ද කිරීම්වලට ලක්වු අයට, පිළිකා රෝගයෙන් පීඩා විඳින අයට හෝ අනෙකුත් විවිධ රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින් සඳහා එම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවැනි කොවිඩ් මර්දන මාත්‍රාව ලබාගෙන මාසයක් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් සඳහා එම මාත්‍රාව ලබාදීම රෝහල් සහ සායන හරහා සිදුකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *