අවම මිලට ගොවීන්ගේ වී මිලදී නොගන්නා ආයතන අසාදු ලේඛනගත කිරීමට රජය තීරණය කරයි

රජය විසින් නියම කර ඇති අවම මිලට ගොවීන්ගේ වී තොග මිලදී නොගන්නේ නම් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල්කරුවන්, වී එකතු කරන්නන් සහ වී ගබඩා හිමියන් සහ ආයතන අසාදු ලේඛනගත කිරීමට රජය තීරණය කර තිබේ.

ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා සහන පොලී අනුපාත යටතේ රාජ්‍ය හා වාණිජ බැංකු කිහිපයක් හරහා ණය ලබාදීමට රජය කටයුතු යොදා ඇත.

ඒ වගේම ගොවීන්ට ඉතා වාසිදායක වන පරිදි වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගොවීන් සහ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සඳහා මේ වසරේ වී සඳහා අවම මිලක් තීරණය කළ බවත් මේ වන විට වෙළෙඳුන් ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 70-80 අතර මිලකට මිලදී ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට, වී එකතු කරන්නන්ට සහ වී ගබඩා හිමියන්ට සහනදායී පොලී අනුපාතයකට වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය රුපියල් බිලියන 09 ක මුදලක් ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *