නිදහස් දින උත්සවයට සහභාගී වන්නැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවට පත්ව පැමිණි නව තානාපතිවරුන් 9 දෙනා සහ මහ කොමසාරිස්වරයා හමුවේ පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යංශයේදී මෙම හමුව පැවැත්විණි.
බුර්කිනා ෆාසො, බොස්නියාව සහ හර්සෙගොවිනා , අසර්බයිජාන ජනරජය , ජෝර්ජියාව, බෙලාරූස් ජනරජය, ආමේනියා ජනරජය, ස්පාඤ්ඤ රාජධානිය , කොංගෝ ජනරජය, සහ ගිනියා ජනරජය සඳහා නව තානාපතිවරු ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයාද මෙම හමුවට සහභාගී වූහ.
එහි දී නව රජයට සුබ පැතුම් එක් කළ එම රාජ්‍ය තාන්ත්‍රිකයෝ රජයේ වැඩ පිළිවෙළ අගය කළහ. එමෙන්ම පුනරුද වැඩ පිළිවෙල යටතේ ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීමට පෙරට වඩා ශක්තිමත් සහයෝගයක් ලබා දෙන බවට ද එකඟ වූහ.
නිල හමුව සඳහා පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයෝ ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතා තර කර ගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල පිහිටුවීමේ අභිප්‍රාය ද ඉදිරිපත් කළහ. ශ්‍රී ලංකාව සමඟ වෙළඳ සහ ආර්ථික සහයෝගිතාව ඉහළ නංවාගැනීමට නව ගිවිසුම් වලට එළඹීමටත් යෝජනා කළහ.
ඒවා අධ්‍යයනය කර සමාලෝචනය කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.