අලුත් අවුරුද්දේ ආරක්ෂාවට පොලිසියේ 35000ක්

සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන මෙහෙයවීම සඳහා පොලිස් නිලධාරීන් තිස් පන්දාහක් යෙදවීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

මහජනතාව විශාල වශයෙන් ඒකරාශී වන සංගීත ප්‍රසංග, සැණකෙළි සහ අවුරුදු උත්සව, ආගමික සිද්ධස්ථාන සඳහා  පැමිණෙන ජනතාව සඳහා මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

කොළඹ නගරය මුල් කරගෙන කොළඹ කොටුව, ගාලුමුවදොර, බොරැල්ල, කිරුළ පනහ බම්බලපිටිය යන ප්‍රදේශවල මෙන්ම ආගමික ස්ථාන පවතින ප්‍රදේශවලට පොලිස් නිලධාරීන් 6000 ක් යෙදවීමටද කටයුතු කර ඇත.

කොළඹ නගරය මුල් කරගෙන සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල  වෙළඳ සල් වලට විශාල ජනතාවක් පැමිණෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර ගැට කපන්නන් සහ සොර සතුරන්ගෙන් තමන්ගේ මුදල් ඇතුළු දේපල ආරක්ෂා කර ගන්නා ලෙසද පොලිසියේ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම අවුරුදු සමයේ කාල සීමාව තුළ රථ වාහන පොලිස් නිලධාරීන් සහ අනෙකුත් ආරක්ෂක නිලධාරීන් සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් පොලිසිය ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *