අලි 50 ක් විදුලිය වැදී මෙම වසරේ මැරිලා

මෙම වසරේ මේ දක්වා කාලයේ විදුලි සැර වැදීමෙන් වන අලි 50 දෙනකු පමණ මරණයට පත්ව ඇති බවත් එම අවස්ථාවලදී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම අනවසරයෙන් ගෙන තිබූ බවත් එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

විදුලි සැපයුම අනවසරයෙන් ගැනීම වැළැක්වීම සඳහා සුදුසු විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඒ සඳහා ජනතා සහය තව දුරටත් බලාපොරොත්තු වන බවත් එම මණ්ඩලය කියයි.

අනවසරයෙන් විදුලිය ගැනීම් පිළිබඳව තොරතුරු තිබේ නම් ක්‍ෂණික දුරකථන අංක වන 1987 හෝ 0112118767 දුකරථනයට තොරතුරු දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *