අල්ලස් කොමිසම ලොක්කන් 31කට දැල එලයි

අල්ලස් දූෂණ සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහේදි විවිධ තරාතිරම්වල නිලධාරීන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් අට දෙනකු පොලිස් නිලධාරීහු  වෙති.

පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරු 4 දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනෙකුද විදුහල්පතිවරයෙකු සහ , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *