අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩි.විජේරත්න මහතා ඉකුත් 7 වෙනි දින ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්විය
උඩවෙල මහත්මිය වර්ෂ 1993 දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් එම වෘත්තියට පිවිස 1996 ජනවාරි 16 වෙනි දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂක ( නීති) ලෙස එක් විය.
වසර 28 කට අධික සේවා කාලයකට හිමිකම් කියනා ඇය කොමිෂන් සභා 7 ක් සහ අධ්‍යක්ෂක ජනරාල්වරු 8 දෙනකු යටතේ තම සේවය ලබා දී ඇත.
ඇය මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරනු ලැබුවාය.