අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කී ආණ්ඩුව අනුර යාපා අල්ලනවා

ජනාතවට සහල් සහ පොල් දීමට අපොහොසත් වී කෙදිරි ගාමින් සිටින ආණ්ඩුව විපක්‍ෂය සංවිධානය වීමට බියවී ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා වෙනුවට ගංවතුර ආධාර සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන පාඨලී චම්පික රණවක මහතා ඊයේ(23) පැවසීය.

ආර්ථික අර්බුදයට වගකිව යුතු පිරිස් සහ ඊ වීසා වංචාවට සම්බන්ධ අය අත්අඩංගුවට ගනී යැයි ජනතාව බලාපොරොත්තු වූ බව කී රණවක මහතා මෙවැනි දේවල්වලින් ජනප්‍රියවීමට උත්සහ කරන බව ද සඳහන් කළේය.

හාල් ඇටයක්, පොල් ගෙඩියක්, බෙහෙත් දෙන්න, තෙල් බද්ද, විදුලි බද්ද අඩු කිරීමට පැකිළි පැකිලි සිටින, ගොත ගගහා ඉන්න, කෙඳිරි ගාන ආණ්ඩුව විපක්‍ෂයට බියවී සිටින බවත් අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා, බැඳුම්කර වංචාවට වහාම පිළිතුරු දෙනවා, රට ආර්ථික අර්බුදයට ඇදදාපු අය මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත ද අපරාධ නඩු පනවා යැයි පොරොන්දු දී බලය ගත් බවත් ඒ මහතා කීය.

බලයට ඇවිත් මාස හතරක් ගතවුවද  පාස්පෝට් එකක් ගන්න බැරි කළ ඊ වීසා වංචාවෙන් කෝටි 320 ක් රටට අහිමි කළ දේශපාලකයන්ට, නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගනී යැයි ජනතාව බලාපොරොත්තු වූ බව කී රණවක මහතා අනුර යාපා මහතා සහ එම මැතිණිය දඩයම් කිරීමට එකම හේතුව දේශපාලනය පමණක් බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *