අරගල සමයේ කුමන්ත්‍රණයක් ගැන කතානායක කියයි

අරගල සමයේදී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් තමා මාර්ගයෙන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ඊයේ (21) පැවසීය.

රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යාර්ථ වී ගිය බවද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තමා කතා නායක ධූරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බව පවසන අබේවර්ධන මහතා තමාගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බවද ප්‍රකාශ කළේය.

රටක ගිනි තැබීම් මිනීමැරීම් හාරාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රට නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන්ව නැතැයිද ඔහු පැවසුවේය.

මට සහාය දුන් සෑ මටත් මා නිර්දේ ලෙස විවේචනය කළ සැමටත් මා සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව තමාගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බව ද ඔහු පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *