අයි.එම්.එෆ් ගිවිසුම වෙනස් කරන බව කීම ගොනාට ඇන්දීමක් – අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ජනවරමක් ලබාගැනීමෙන් පසු  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.

මේ වනවිට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රතිපත්තිය සම්පාදනය කොට අවසන් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ගෙන එන බවත් රාජ්‍ය  ආයතන ලාභදායි තරඟකාරී සහ ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි තත්ත්වයකට ගෙන ඒම සඳහා අවශ්‍ය පිළියම් යොදන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *