’’අයවැය නරකමත් නෑ’’

අයවැය නරකමත් නැතැයි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තු අයවැය විවාදයේදී පැවසීය.

“හැම වෙලේම කොරහේ කිඹුල්ලු දකින්නේ නෑ.වකුගඩු රෝගීන්ට වැඩිහිටි දීමනාව වැඩි කරලා තිබෙනවා.වැඩිහිටි පොළිය වැඩිකර තිබෙනවා, ඒවා හොඳයි.මම පඩි වැඩිවීම ගැන කතා කරන්නේ නෑ. පඩිය  අතට ආවම තමයි දැනගන්න පුළුවන්. බදුල්ල රෝහලේ දොස්තරලා එළියට බහින්න සූදානම් කියල මට පණිවිඩයක් ආවා.ඒ ගැන බලන්න.

අස්වැසුම පවුල් විසිපන්දාහක් සවි බල ගන්වන්න වෙන් කරලා තියෙන්නේ මිලියන පන්සීයයි.ඒක බෙදුවම එන්නේ පවුලකට විසිදාහයි.ඒකෙන් පවුලක් සවි බල ගන්වන්නේ කොහොමද?බදුල්ලේ ඉඳන් මහියංගනයට ගියොත් විසිදාහ ඉවරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *