අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රයෙහි (අමරදේව අසපුව) ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය (අමරදේව අසපුව) ඉදිකිරීම සඳහා බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පර්චස් 100ක ඉඩම් කොටසක් වෙන් කර දී තිබේ.
අමරදේව අසපුවේ දෙවන අදියරේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා රුපියල් මිලියන 21.745 ක් ද අවසන් අදියරේ වැඩ අවසන් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 179.436ක් ද අවශ්‍ය බවට උපදේශන ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත.
එමෙන්ම, වැඩ අවසන් කිරීමෙන් පසු කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම පිණිස තවත් රුපියල් මිලියන 20 ක් පමණ අවශ්‍ය බවත් පෙන්වා දී ඇත. ඒ අනුව, අමරදේව අසපුවේ ඉදිකිරීම් කටයුතු අවසන් කර එහි කාර්යාල කටයුතු පවත්වා ගෙන යාමට හැකි වන පරිදි අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගැනීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.