LK reports news sinhala

අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර් ගලවන්න

ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධන ආකාරයෙන් වාහන වල අලවා ඇති සියලුම  ස්ටිකර්  වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

පෞද්ගලික බස් රථ ත්‍රි ⁣රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල ජනාධිපති අපේක්ෂකයින් සහ පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ සලකුණු ඡායාරූප ඇතුළත් ස්ටිකර් යනාදිය ප්‍රදර්ශනය කිරීම පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ  කොමිෂන් සභාවපවසයි.

1981  අංක15දරණ ජනාධිපති වරයාතෝරා පත්කර ගැනීම පිළිබඳ  පනතේ74වන වගන්තිය  යටතේ ඒ වරදක් බව  සඳහන්ව ඇත.

මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස කොම්ෂන් සභාව විසින් පොලිසිය වෙත උපදෙස් දී ඇති බවද සඳහන්  වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *