ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තේ මිනිස් ජීවිත සුවපත් කරන්න මිසක් අපිට බෙදා ගන්න නොවේ යැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“රට ගොඩනගන දිශාව අයවැයෙන් පැහැදිලිවම දක්වා තිබෙනවා. සංඛ්‍යා, දත්ත, දර්ශන වලින් වැහිල තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත.මෙපමණ කලක් හැන්ද අතේ තිබුණු අය බෙදා ගත්තේ කොහොමද කියලා ජනතාව දන්නවා.ඔබලා අතේ හැන්ද තියෙන කොට වාහන පර්මිට්, විදෙස් සවාරි බෙදා ගත්තා.දැන් හැන්ද තියෙන්නේ අපේ අතේ. අපි බෙදන්නේ මහ ජනතාවට.කවදාවත් මුදල් වෙන් නොවූ ක්ෂේත්‍ර වලට අප මුදල් ලබා දෙන්නේ ඒ මනුෂ්‍යත්වය අපේ හිතේ තිබෙන නිසයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන්නේ කීපදෙනෙක් විතරක් කාලා ඇඳලා ඉන්න එකට නෙමෙයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.