විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ කතා කිරීම සුසාන භූමියක කතා කරනවා වගේ දෙයක් වී ඇතැයි කී කබීර් හෂීම් මහතා සුසාන භූමියකට ගිහින් කතා කරන විටත් කිසිවෙකුටත් ඇහෙන්නේ නෑ වගේම ඒ කතා වලින් පලක් වන්නේ නැතැයි කීය .
අඩුගානේ පාර්ලිමේන්තුවේ මූලාසනයටවත් “අපේ කතා” ඇහෙන්නේ නැතැයි කබීර් හෂීම් මහතා පැවසීය.