පසුගිය මහ මැතිවරණයේදී රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කලත් රට හදන්නට හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව මිනිස්සුන් තේරුම් ගෙන ඇතැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රට හදන සැලැස්ම තිබෙන්නේ එජාපය සතුව නිසා රටේ ඕනෑම දේශපාලන පක්ෂයක් සමඟ වැඩ කරන්නට හැකියාව තිබෙන බව විජයවර්ධන මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් සම්මේලනයට සහභාගී වෙමින් විජයවර්ධන මහතා මේ බව පැවසීය.
“අපිට විරුද්ධව හිටපු පොදු ජන පෙරමුණ එක්ක එකතුවෙලා මේ රට හදන්න අපිට පුළුවන් නම් සමගි ජන බලවේගය ,ජනතා විමුක්ති පෙරමුණ, දමිළ සංවිධානය,ඕන කෙනෙක් එක්ක එකතු වෙලා මේ රට හදන්නට අපි සූදානම් කියන පණිවිඩය අපි මතක් කළ යුතුයි. රට ගොඩ ගන්න ඉදිරියට එන ඕනෑම බලවේගයක් එක්ක එකතුවෙලා මේ රට ගොඩ ගන්න අපි සූදානම් යනුවෙන් ද විජයවර්ධන මහතා පැවසීය.