අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්‍රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායකවරයා මේ බව කීය.