අපරාධකරුවන්ට පාස්පෝට් හදන්න අනුබල දුන් තවත් අයෙක් අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවන්ට අවධිමත් ලෙස ගමන් බලපත්‍ර සකස් කිරීමට ආධාර අනුබලදීම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන්  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගත්බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩහපොළ මහ ගෙදර පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *