අනුර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම්, මැතිවරණ ක්‍රමය වෙනස් කරනවා නම් අපි සහාය දෙනවා: නාමල්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

1994 වසරේ සිට මේ දක්වා සියලු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ප්‍රකාශ කළත් කිසිවකු එසේ නොකළ බව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න හොඳම වෙලාව දැන්.

ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න අවශ්‍ය නම් ප්‍රමාද කරන්න එපා යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *