susil

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක් වැහිලා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් පහළොවක්  2010 වර්ෂයේ සිට මේ දක්වා  ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙම පාසල් වැසී ගොස් ඇත්තේ ප්‍රමාණවත් සිසුන් සංඛ්‍යාවක්  නොමැති වීම හේතුවෙන් බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැසී ගිය සමහර  ‍පාසල් ප්‍රාදේශීය  ලේකම් කාර්යාල සහ ශිෂ්‍ය බට බලකාය වැනි ආයතන වලට පවරා ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙම පාසල් පොකුරු පාසල් ක්‍රමය යටතේ නැවත විවෘත කිරීමට ඇති හැකියාව ගැන සලකා බලාගෙන යන බවද ප්‍රකාශ කළේය.

ඇතැම් පන්ති කාමර පෙර පාසල් සඳහා ලබාදීමට පියවර ගෙන ඇතැයිද සුසිල් ප්‍රේම ජයන්ත මහතා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *