අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ  වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

පේරාදෙණිය කැලණිය සහ තවත් විශ්වවිද්‍යාල කීපයක උපාධි ප්‍රදානෝත්සව සඳහා දින නියම කරගෙන අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබුණ ද අනධ්‍යන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් එම උත්සව පැවැත්වීමට නොහැකි වී ඇතැයි එම විශ්වවිද්‍යාලවල පරිපාලනය සඳහන් කරයි.

එම නිසා උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව තිබෙන බව ද එමගින් උපාධිලාභීන්ට රැකියා සඳහා යොමු වීමට අවශ්‍ය උපාධි සහතික ලබා ගැනීමේ පමාවක් සිදුවනු ඇති බවද වාර්තාවේ.

මේ අතර විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇන හිට  තිබෙන බව ද  විශ්ව විද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *