අධිවේග මාර්ග ව්‍යාප්තියෙන් යකඩ බට සොරාගත් 4 දෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ අධිවේගී මාර්ගයේ නව කැලණි පාලමේ ව්‍යාපෘයේ ඉදිකිරීම සඳහා තිබූ යකඩ බට සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

එම සැකකරුවන් විසින් සොරකම් කළ යකඩ බටවල වටිනාකම රුපියල් 1,615,000ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඊයේ පෑලියගොඩ පොලීසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී අදාළ සිද්ධියට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී තවත් සැකකරුවන් 3දෙනෙකු හා සොරකම් කරනල ලද යකඩ බට තොගය සොයාගෙන ඇත.

අත්අඩංගුවටගත් සැකකරුවන් අවුරුදු 31, 35, 50 හා 66 වයස්වල පසුවන වැලිගම, හික්කඩුව, දෙමටගොඩ සහ දෙනියාය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

එම සැකකරුවන් අද (04) අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *