අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බව සඳහන්ය.

අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් රැස්වීම වෙත ඉදිරිපත් කර තිබිණි.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *